SsNews

 

මැයි 19 සිට ජූනි 19 දක්වා රණවිරු සැමරුම්        මාසයක්

 

මාතෘභූමියේ නිදහස වෙනුවෙන් කැප වූ ත්‍රිවිධ හමුදාවට අයත් රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කෙරෙන ජාතික රණවිරු සැමරුම මේ මස 27 වැනිදාට යෙදී තිබේ. 

මේ මස 19 වැනිදා රණවිරු සැමරුම් ප්‍රථම කොඩිය ජනාධිපතිවරයාට පැළඳවීම සිදු කෙරෙන බව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක් වූ එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා පැවසුවේය.

එහි දී මේ මස 19 වැනිදා සිට ජූනි මස 19 වැනිදා දක්වා රණවිරු සැමරුම් මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද ඔහු එහි දී කියා සිටියේය.

උපුටා ගැනීම අද දෙරණ 

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය.ති

 

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්‌මෙනුයේ වයස අවුරුදු විසිනවයේදීය. එසේ නික්‌මුණු අප බෝසතාණෝ විවිධ ශාස්‌තෘවරුන් යටතේ නිර්වාණය සොයනු ලැබුහ. එහිදී විවිධ පිළිවෙත් පුරමින් නිර්වාණය සෙවූ බෝසතාණෝ අවසානයේදී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් බුද්ධත්වයට පත් වූහ. වයස අවුරුදු විසිනවයේදී ගිහිගෙයින් නික්‌මුණු බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන විට වයස අවුරුදු තිස්‌පහක් වු. අවුරුදු 35 දී බුද්ධත්වයට පත් වූ උන්වහන්සේ අවුරුදු හතළිස්‌ පහක්‌ වැඩ සිටියහ. පිරිනිවන්පාන විට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු අසූවක්‌ විය. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වී අවුරුදු 2555 ක්‌ 2011 මැයි මාසයේදී සම්පූර්ණ වේ. ඒ අනුව එම අවුරුදු 2555 ට උන්වහන්සේ බුද්ධත්වයට පත්වී වැඩ සිටි අවුරුදු 45 ක කාලයත් එක්‌ව අවුරුදු 2600 ක කාලයක්‌ සම්පූර්ණ වේබු.ව. 2555 දී උදාවන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හෙවත් සම්මත වර්ෂ 2011 ට යෙදී ඇති වෙසක් පෝ දිනය සලකන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් 2600 වැනි වසරේ පැවැත්වෙන වෙසක් උත්සවය ලෙසය. (දැනට බු.ව. යනුවෙන් භාවිත වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ගණනය කිරීමෙනි). 
ඒ අනුව සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ "බුද්ධත්වය" ට පත්ව වර්ෂ 2600 ක්‌ සම්පූර්ණ වන බැවින් වඩා නිවැරැදි වහර වන්නේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය" මිස 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නොවේ.
2600 සම්බුද්ධත්ව ජයන්තිය මහ ඉහළින් සැමරීමට රාජ්‍ය මට්ටමින් දැනට දැවැන්ත වැඩ පිළිවෙළක් අරඹා ඇත. 2600 වසර සම්බුද්ධත්ව ජයන්ති වසර ලෙස දැනටම ප්‍රකාශයට පත් කොට ඇති අතර වෙසක් පුර පසළොස්වක පෝය දිනට පමණක් ක්‍රියාත්මක වන වැඩ සටහනකින් නොනැවතී මුළු වසර පුරාම ක්‍රියාත්මක කරනු ලබන අඛණ්ඩ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිතව ස්ථාපිත කර ඇති සම්බුද්ධ ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව මගින් දැනටම විසි වැදෑරුම්, වැඩ සැලැස්මක් ආරම්භ කර ඇත.  වෙසක් පුර පොහෝ දින සිට 2012 වෙසක් පොහෝ දිනය දක්වා “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය” ලෙස නම් කර ඇත. එහි තේමා පාඨය වී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන්නයි. නැතහොත් "යුඤ්ජථ බුද්ධශාසනේ" යන තේමා පාඨයයි. එහි තේරුම "ශාසනයේ යෙදෙන්න" යන්නයි.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුම වෙනුවෙන් මැයි මස 21 වන දින සිට පුරා සතියක් කොළඹ ජාතික කෞතුකාගාරය පරිශ්‍රය තුළ සම්බුද්ධත්ව සැමරුම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇත. බුද්ධ චරිතය හා ඉන්දියාවේ බුදු දහමේ ව්‍යාප්තිය​, ලංකාවේ බුදු සමය හා එහි ව්‍යාප්තිය​, අනුරාධපුර යුගයේ සිට වර්තමානය වන විට බුදු දහම ලෝකයේ ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකාවේ දායකත්වය යන කරුණු මත මෙම ප්‍රදර්ශනය පැවැත්වේ 

                                           SSNews

 
 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola